ඉහිරි විසිරුණු මිහිරි සිතිවිලි
එකට කැටිකර කියමි කෙළෙසක
ගිළිහි ගගනින් බිමට බට එක්
දෙව් දුවක් දුටුවෙමිය දෑසින්...
අහස සරනා ළිහිණි රෑනක
විලෙහි පිබිදෙන පියුම් කැකුළක
ගැබ් වුණා වූ සුන්දරත්වය
ඇගෙන් වින්දෙමි එක නිමේෂෙක...
මායවක් දැයි විමසනු රිසියෙන්
පිසදා දෙනුවන් නැවතත් බැලුවෙමි
පුදුමයකි මා නෙතු පමාවෙන්
සුරඟන නැත මුදු සුවඳ ඉතිරිවැත...