Wednesday, November 27, 2013

විශ්වාස කරන්න..

විශ්වාස කරන්න..

දුර ඈත ඉඳන්..
ඔබ දෙසම බලන්..
මම හිටියෙ හොරෙන්..
ඔය රුව විඳිමින්..

ඔයා දන්නෙ වත් නැතුව ඇති සමහරවිට..

පුංචි පුංචි විහිළු අසා..
හිනැහෙනකොට ආස නිසා..
මං හොඳටම විහිළු කළා..
හිනා නොවී ඔයා ගියා..

විහිළු කරන්න මං ඔයාගෙ කව්ද නේද..

ඔන්න ඉතිං ඊට පස්සෙ දවසක..

දැකගන්නට ඔබව සිතා..
වේලාසන පිටත් උනා..
ඒත් ඔයා පමා වෙලා..

කලින් වැඩී ලු මං..

ඊළඟ දින මමත් ගියා..
ටික මොහොතක් පමා වෙලා..
එදා ඔයා කළින් ගියා..

කලින් ආවොත් කලින් වැඩියි..
පමා උනොත් පමා වැඩියි..

මට තේරෙන්නෙ නෑ අප්පා..

Saturday, November 16, 2013

ඈ සඳ වන් කැළුම් බෙදන සුර අඟනකි මට...

ඈ සඳ වන් කැළුම් බෙදන සුර අඟනකි මට
නැත නැත සඳ පරදිනවා සත්තයි ඈ හට
මුතු ඇට වන් දසන් වලින් ඈ හිනැහෙන විට
ඕනෑ නැත විකසිත මල් සුවන්දයි ඈ මට

මා දෙනුවන් ඒ දෙනෙතේ ලැගුම් සොයන සඳ
ඇගෙ කටහඬ මා දෙසවන පුරා ඇසෙන සඳ
ඈ විගසින් හනි හනිකට ගමන් යනෙන සඳ
මා නොදැනම ඈ වෙත ගොස් තිබුණා මගෙ හද

අයාලෙ ගිය ජීවිතයක් තිබුණා මා හට
ඔබම තමයි මග පෙන්වූ පහන් ටැඹත් මට
ඒ බව තවමත් තේරී නැතිනම් නුඹ හට
තරහක් නෑ මම ඉන්නම් දින දින ගැන ගැන



Monday, September 23, 2013

දන්නවාද මේ ලියන්නෙ කාටද කියලා...

දන්නවාද මේ ලියන්නෙ කාටද කියලා...
නොදැනුනාද මේ ගී වැල් ඔබටයි කියලා...
හිතනවාද මේ හිත වෙන අතක යයි කියා...
ඔබ හැර වෙන අතක යයි කියා...

රෑ තිස්සේ නින්ද නැතුව කල්පනා කළා...
හීනෙන් වත් ඔබ දකින්න වරම් නැති උනා...
මතක් උනා හැම මොහොතෙම සිතත් ලෙඩ උනා..
සත්තයි සිතත් ලෙඩ උනා...

කවදා මේ ගැන කියමිද සිතින් ළත උනා...
කවදාවත් නොකිය ඉඳීවිද මට සිතුනා...
ඒ හින්දා ගීයක් වත් ලියන්න සිතුවා...
ගීය ඔබට ඇසෙයිද මන්දා...
ඇහුණත් දැනෙයිද මන්දා...



කාලෙකට පස්සේ මට මෙහෙම හිතුනා... :)

Friday, September 6, 2013

ඔබ ගෙනත් තියා ගිය ඒ පැතුමන්...

ඔබ ගෙනත් තියා ගිය ඒ පැතුමන්...
මහ මෙරක් තරම් විය මේ මට නම්...
නව ලොවක් තනාගෙන හිත ඇතුලෙන්...
විදගතිමි එහි සිරිය ඇති පමණින්...

මගෙ ළගට ඇවිත් පැවසූ වදනක්...
යළි යළිත් විදගන්න පුරා සවන්...
මුළු ලොවට හොරෙන් අපමණ වෙහෙසින්...
විදි දුකක් දන්නෙ මා පමණි ඉතින්...

ඔය මුවේ රැදි කොමළ රෙඛා...
නුවණ් අභියස ඇදී තිබුණා...
ටිකෙන් ටික ඔබ දුරස් වූවා...
හීනයෙන් මා අවදි වූවා...


__________________

Sunday, September 1, 2013

ඔබ දිහා බලාගෙන මම ඉන්නම්...

ඔබ දිහා බලාගෙන මම ඉන්නම්...
තරු දෙනෙතේ කැල්මන් විදගන්නම්...
මගෙ දෑතේ උණුසුම ලැබ දෙන්නම්...
මුලු දිවියම මගෙ වී ඉන්නව නම්...

හිත ඇතත් නුබම ගැන අහස තරම්...
එය කියා දෙන්න මට නැතිද වරම්...
සිත සිතා හිදිමි ඔබ දෙසම බලන්...
හිම හන්සි දිනෙක මගෙ වේවි සිතන්..

කියාගන්න මම නොකියූ වදන්...
වරම් ලැබෙන ඒ දින එනකන්...
ඉන්නවාද ඔබ පරෙස්සමින්...
ඔය හිත ඔබ ලගම තියන්...

17/08/13






ලියවෙන කාලෙට ලියාගත්තෙ නැත්නම් කවදා... ලියන්නද....

අරුණැල්ලේ කුමරී...

අරුණැල්ලේ කුමරී...
පායා ඇවිදින් ජීවිත උයනට...
පුබුදනු මැන සෙනෙහස් පියුමන්...
ආදර විල් තලයේ...

උදයට ඇවිදින් එලිය කරනවා...
ඒ එලියෙන් සිත් මල් පිබිදෙනවා...
උණුසුම ලබනට පින් මද බව දැන...
පිපි මල් හවසට හැකිලෙනවා...

අරුණැල්ලේ කුමරී...
පායා ඇවිදින් ජීවිත උයනට...
පුබුදනු මැන සෙනෙහස් පියුමන්...
ආදර විල් තලයේ...

කවදා හෝ ඔබ නිළඹර අතරින්...
එබී බලා උණුසුම දෙන දිනකදි...
විකසිත වන්නට යළි පර නොවනට...
මල් තව නිහඩව බලා සිටිනවා...

31/07/13     




                                                                             
සිදු ලියන්න නම් බෑ,
හැබැයි, යන්තම් ගැට ගහගත්ත එකකුත් නෙවෙයි,
හිතට ආපු එකකුත් නෙවෙයි,
හිතේ තියෙන එකක් කිව්වොත් හරි...

Monday, August 26, 2013

මම ගැන

මම පියුමාල් වීරක්කොඩි කියල ටිකක් නෙවෙයි, ගොඩාක් පිස්සු කොල්ලෙක්... 'කොල්ලෙක්'???? :O ඔව් කොල්ලෙක් තමයි.. හිතට එන දේවලුයි,, බලෙන් හිතට ගෙන්නගන්න දේවලුයි ඔක්කෝම දාන්න තමයි හිතාන ඉන්නෙ... කමක් නැහැනේ??????????
මේ මම...