හිතෙන්නෙම නෑ හිතට මගෙ
හීතලේටද මංදා
හිත ගල් වෙලා..
හීතලේටද මංදා
හිත ගල් වෙලා..
රෑ තිස්සෙ මදුරුවො ඇවිත්
තනි රැක්කට
හිත තනි වෙලා..
තනි රැක්කට
හිත තනි වෙලා..
ගල් වෙච්ච හිත අස්සෙ
ගල් ගැහිල උන්නු ඒ
හිතිවිලි අවදි වෙලා..
ගල් ගැහිල උන්නු ඒ
හිතිවිලි අවදි වෙලා..
නිදි නැතුව පද බඳින
මගෙ විවර නෙතු මතට
නුඹේ රුව මතු වෙලා..
මගෙ විවර නෙතු මතට
නුඹේ රුව මතු වෙලා..
පිරුණු මුව මඩල දිනක
යන්න ගියහොත් දුරක
මගෙ නොවී වෙන් වෙලා..
යන්න ගියහොත් දුරක
මගෙ නොවී වෙන් වෙලා..
එහෙම හිතුවත් හිතන
ඒ පුංචි මොහොතටම
මගේ ඇස් තෙත් වෙලා..
ඒ පුංචි මොහොතටම
මගේ ඇස් තෙත් වෙලා..