Tuesday, December 15, 2020

අව්වට මුවා වෙවී...

 අව්වට මුවා වෙවී… ගිණි අව්වට මුවා වෙවී…

මං යනතුරු පාර බලන මගේ සුන්දරී… දොරකඩ හිනා වෙවී… ගන සැරේට හිනා වෙවී… මං එනකන් බලා ඉන්න මගේ සමනලී... ගෙදරට මට පාන වගේ… දිස්නෙ ගහන පාන වගේ… මං වටේම කැරකීගෙන ඉන්න ගින්දරී… තරහට කට කතුර වගේ… අයියෝ ගිණි කතුර වගේ… කර්ණ පටල දෙපලු කරන ළිහිණි කිරිල්ලී… පෙරහරකින් කැන්දාගෙන... පෝරු නැගල කැන්දාගෙන... පරෙස්සමට ගෙදර ගෙනා හීන කුමාරී… රෑ තිස්සේ ඇහැරීගෙන… නින්ද නැතුව ඇහැරීගෙන… අතොරක් නැති කතා කියා මුමුණන යුවතී… හැමදාමත් හිනැහීගෙන… උන්න වගේ හිනැහීගෙන… ඉඳපන් උඹ මා එක්කම පරවි කිරිල්ලී… සංසාරේ දුර යන්නට… පතාන ආ දුර යන්නට… බුදුසරණයි දෙවිපිහිටයි අපට සුරතලී…

No comments:

Post a Comment