Thursday, January 8, 2015
තරහා නොවී ඇයි බැරි වෙනු මා හා මිතුරු..
ඔය තරම් ඇයි ලස්සන ඇස් මට නපුරු..
මා දුටු සඳ ඇයි උවනත වැහි අඳුරු..
රවනු එපා කැත වෙයි ඔබෙ මුව සොඳුරු..
තරහා නොවී ඇයි බැරි වෙනු මා හා මිතුරු..
මා ඔබට පෙම් කරන එක ඇත්තයි..
රුව දකින්න එන්නේ ඒ හින්දයි..
තරහ නෙතින් රවනා එක නරකයි..
ඉර පැරදු හිනාවට මම ආසයි..
මෙතරම් තරු පිරි රෑ අහසක්..
තිබුණත් පිරිලා තරු දහසක්..
පුදුමයි ඉන් එක තනි තරුවක්..
පළවා හළ හැටි දිවි අඳුරක්..
තරු පිරිවර සඳු දියණිය පසු පස
තරු පිරිවර සඳු දියණිය පසු පස
සයුර ගැඹරෙ සුව ලබනට යන සඳ
අරුණ අරන් හිරු පෙරදිග අඹරට
වැඩම කළයි හඟවමින් නවෝදය..
ඒ හිරු රැස් යට දිස්නෙ දෙමින් යන
පිච්චමලී දැක ගත්තෙමි නෙත් හැර
ඔය ලස්සන විඳ ගන්නට පින් ඇති
මගේම ඇස් ගැන පුදුම උනෙමි මම..
ඉස්සර රජවරු මැදුරු තනා යස
ගල් කණු මත කවි ගී ලියවා රස
වැණුම් කලේ ස්ත්‍රී ගුණ රුව පෙළ
ඔබ වැනි අඟනුන් නිසා වෙන්න ඇති..
Subscribe to:
Posts (Atom)