ඔබ ගෙනත් තියා
ගිය ඒ පැතුමන්...
මහ මෙරක් තරම්
විය මේ මට නම්...
නව ලොවක්
තනාගෙන හිත ඇතුලෙන්...
විදගතිමි එහි
සිරිය ඇති පමණින්...
මගෙ ළගට ඇවිත්
පැවසූ වදනක්...
යළි යළිත්
විදගන්න පුරා සවන්...
මුළු ලොවට
හොරෙන් අපමණ වෙහෙසින්...
විදි දුකක්
දන්නෙ මා පමණි ඉතින්...
ඔය මුවේ රැදි
කොමළ රෙඛා...
නුවණ් අභියස
ඇදී තිබුණා...
ටිකෙන් ටික ඔබ
දුරස් වූවා...
හීනයෙන් මා
අවදි වූවා...
__________________
No comments:
Post a Comment