අව්වට මුවා වෙවී… ගිණි අව්වට මුවා වෙවී…
මං යනතුරු පාර බලන මගේ සුන්දරී… දොරකඩ හිනා වෙවී… ගන සැරේට හිනා වෙවී… මං එනකන් බලා ඉන්න මගේ සමනලී... ගෙදරට මට පාන වගේ… දිස්නෙ ගහන පාන වගේ… මං වටේම කැරකීගෙන ඉන්න ගින්දරී… තරහට කට කතුර වගේ… අයියෝ ගිණි කතුර වගේ… කර්ණ පටල දෙපලු කරන ළිහිණි කිරිල්ලී… පෙරහරකින් කැන්දාගෙන... පෝරු නැගල කැන්දාගෙන... පරෙස්සමට ගෙදර ගෙනා හීන කුමාරී… රෑ තිස්සේ ඇහැරීගෙන… නින්ද නැතුව ඇහැරීගෙන… අතොරක් නැති කතා කියා මුමුණන යුවතී… හැමදාමත් හිනැහීගෙන… උන්න වගේ හිනැහීගෙන… ඉඳපන් උඹ මා එක්කම පරවි කිරිල්ලී… සංසාරේ දුර යන්නට… පතාන ආ දුර යන්නට… බුදුසරණයි දෙවිපිහිටයි අපට සුරතලී…අන්න ඌ තමා මේ...
Tuesday, December 15, 2020
Thursday, January 8, 2015
තරහා නොවී ඇයි බැරි වෙනු මා හා මිතුරු..
ඔය තරම් ඇයි ලස්සන ඇස් මට නපුරු..
මා දුටු සඳ ඇයි උවනත වැහි අඳුරු..
රවනු එපා කැත වෙයි ඔබෙ මුව සොඳුරු..
තරහා නොවී ඇයි බැරි වෙනු මා හා මිතුරු..
මා ඔබට පෙම් කරන එක ඇත්තයි..
රුව දකින්න එන්නේ ඒ හින්දයි..
තරහ නෙතින් රවනා එක නරකයි..
ඉර පැරදු හිනාවට මම ආසයි..
මෙතරම් තරු පිරි රෑ අහසක්..
තිබුණත් පිරිලා තරු දහසක්..
පුදුමයි ඉන් එක තනි තරුවක්..
පළවා හළ හැටි දිවි අඳුරක්..
තරු පිරිවර සඳු දියණිය පසු පස
තරු පිරිවර සඳු දියණිය පසු පස
සයුර ගැඹරෙ සුව ලබනට යන සඳ
අරුණ අරන් හිරු පෙරදිග අඹරට
වැඩම කළයි හඟවමින් නවෝදය..
ඒ හිරු රැස් යට දිස්නෙ දෙමින් යන
පිච්චමලී දැක ගත්තෙමි නෙත් හැර
ඔය ලස්සන විඳ ගන්නට පින් ඇති
මගේම ඇස් ගැන පුදුම උනෙමි මම..
ඉස්සර රජවරු මැදුරු තනා යස
ගල් කණු මත කවි ගී ලියවා රස
වැණුම් කලේ ස්ත්‍රී ගුණ රුව පෙළ
ඔබ වැනි අඟනුන් නිසා වෙන්න ඇති..
Tuesday, November 18, 2014
සුරඟන නැත මුදු සුවඳ ඉතිරිවැත
ඉහිරි විසිරුණු මිහිරි සිතිවිලි
එකට කැටිකර කියමි කෙළෙසක
ගිළිහි ගගනින් බිමට බට එක්
දෙව් දුවක් දුටුවෙමිය දෑසින්...
අහස සරනා ළිහිණි රෑනක
විලෙහි පිබිදෙන පියුම් කැකුළක
ගැබ් වුණා වූ සුන්දරත්වය
ඇගෙන් වින්දෙමි එක නිමේෂෙක...
මායවක් දැයි විමසනු රිසියෙන්
පිසදා දෙනුවන් නැවතත් බැලුවෙමි
පුදුමයකි මා නෙතු පමාවෙන්
සුරඟන නැත මුදු සුවඳ ඉතිරිවැත...
එකට කැටිකර කියමි කෙළෙසක
ගිළිහි ගගනින් බිමට බට එක්
දෙව් දුවක් දුටුවෙමිය දෑසින්...
අහස සරනා ළිහිණි රෑනක
විලෙහි පිබිදෙන පියුම් කැකුළක
ගැබ් වුණා වූ සුන්දරත්වය
ඇගෙන් වින්දෙමි එක නිමේෂෙක...
මායවක් දැයි විමසනු රිසියෙන්
පිසදා දෙනුවන් නැවතත් බැලුවෙමි
පුදුමයකි මා නෙතු පමාවෙන්
සුරඟන නැත මුදු සුවඳ ඉතිරිවැත...
Thursday, August 21, 2014
හිතෙන්නෙම නෑ හිතට මගෙ
හිතෙන්නෙම නෑ හිතට මගෙ
හීතලේටද මංදා
හිත ගල් වෙලා..
හීතලේටද මංදා
හිත ගල් වෙලා..
රෑ තිස්සෙ මදුරුවො ඇවිත්
තනි රැක්කට
හිත තනි වෙලා..
තනි රැක්කට
හිත තනි වෙලා..
ගල් වෙච්ච හිත අස්සෙ
ගල් ගැහිල උන්නු ඒ
හිතිවිලි අවදි වෙලා..
ගල් ගැහිල උන්නු ඒ
හිතිවිලි අවදි වෙලා..
නිදි නැතුව පද බඳින
මගෙ විවර නෙතු මතට
නුඹේ රුව මතු වෙලා..
මගෙ විවර නෙතු මතට
නුඹේ රුව මතු වෙලා..
පිරුණු මුව මඩල දිනක
යන්න ගියහොත් දුරක
මගෙ නොවී වෙන් වෙලා..
යන්න ගියහොත් දුරක
මගෙ නොවී වෙන් වෙලා..
එහෙම හිතුවත් හිතන
ඒ පුංචි මොහොතටම
මගේ ඇස් තෙත් වෙලා..
ඒ පුංචි මොහොතටම
මගේ ඇස් තෙත් වෙලා..
Thursday, August 14, 2014
රොන් තිබෙනා මල් පිපුණට...
රොන් තිබෙනා මල් පිපුණට
හැම මලටම බඹරු එන්නෙ නෑ
බඹරු ඇවිත් රොන් පැතුවත්
හැම මලෙන්ම රොන් ලබන්න බෑ
හැම මලටම බඹරු එන්නෙ නෑ
බඹරු ඇවිත් රොන් පැතුවත්
හැම මලෙන්ම රොන් ලබන්න බෑ
සමහර මල් රුව තිබුණත්
ලොවට දෙන්න ගුණ සුවඳක් නෑ
එවන් මලක් පිපුණ නමුත්
පරවන්නට වැඩි කල් යන්නෑ
ලොවට දෙන්න ගුණ සුවඳක් නෑ
එවන් මලක් පිපුණ නමුත්
පරවන්නට වැඩි කල් යන්නෑ
නගේ නුඹත් මලක් වෙයන්
නුඹගෙන් අපි රොන් පතන්නෙ නෑ
ලොවට සුවඳ ගෙනත් දියන්
උඹේ නමට කැත කුණු එන්නෑ
නුඹගෙන් අපි රොන් පතන්නෙ නෑ
ලොවට සුවඳ ගෙනත් දියන්
උඹේ නමට කැත කුණු එන්නෑ
Friday, August 8, 2014
ඔය ලස්සන විඳ ගන්නට පින් ඇතිමගේම ඇස් ගැන පුදුම උනෙමි මම
තරු පිරිවර සඳු දියණිය පසු පස
සයුර ගැඹරෙ සුව ලබනට යන සඳ
අරුණ අරන් හිරු පෙරදිග අඹරට
වැඩම කළයි හඟවමින් නවෝදය
සයුර ගැඹරෙ සුව ලබනට යන සඳ
අරුණ අරන් හිරු පෙරදිග අඹරට
වැඩම කළයි හඟවමින් නවෝදය
ඒ හිරු රැස් යට දිස්නෙ දෙමින් යන
පිච්චමලී දැක ගත්තෙමි නෙත් හැර
ඔය ලස්සන විඳ ගන්නට පින් ඇති
මගේම ඇස් ගැන පුදුම උනෙමි මම
පිච්චමලී දැක ගත්තෙමි නෙත් හැර
ඔය ලස්සන විඳ ගන්නට පින් ඇති
මගේම ඇස් ගැන පුදුම උනෙමි මම
ඉස්සර රජවරු මැදුරු තනා යස
ගල් කණු මත කවි ගී ලියවා රස
වැණුම් කලේ ස්ත්‍රී ගුණ රුව පෙළ
ඔබ වැනි අඟනුන් නිසා වෙන්න ඇති
ගල් කණු මත කවි ගී ලියවා රස
වැණුම් කලේ ස්ත්‍රී ගුණ රුව පෙළ
ඔබ වැනි අඟනුන් නිසා වෙන්න ඇති
Subscribe to:
Posts (Atom)