Friday, August 8, 2014

ඔය ලස්සන විඳ ගන්නට පින් ඇතිමගේම ඇස් ගැන පුදුම උනෙමි මම

තරු පිරිවර සඳු දියණිය පසු පස
සයුර ගැඹරෙ සුව ලබනට යන සඳ
අරුණ අරන් හිරු පෙරදිග අඹරට
වැඩම කළයි හඟවමින් නවෝදය
ඒ හිරු රැස් යට දිස්නෙ දෙමින් යන
පිච්චමලී දැක ගත්තෙමි නෙත් හැර
ඔය ලස්සන විඳ ගන්නට පින් ඇති
මගේම ඇස් ගැන පුදුම උනෙමි මම
ඉස්සර රජවරු මැදුරු තනා යස
ගල් කණු මත කවි ගී ලියවා රස
වැණුම් කලේ ස්ත්‍රී ගුණ රුව පෙළ
ඔබ වැනි අඟනුන් නිසා වෙන්න ඇති

No comments:

Post a Comment