රොන් තිබෙනා මල් පිපුණට
හැම මලටම බඹරු එන්නෙ නෑ
බඹරු ඇවිත් රොන් පැතුවත්
හැම මලෙන්ම රොන් ලබන්න බෑ
හැම මලටම බඹරු එන්නෙ නෑ
බඹරු ඇවිත් රොන් පැතුවත්
හැම මලෙන්ම රොන් ලබන්න බෑ
සමහර මල් රුව තිබුණත්
ලොවට දෙන්න ගුණ සුවඳක් නෑ
එවන් මලක් පිපුණ නමුත්
පරවන්නට වැඩි කල් යන්නෑ
ලොවට දෙන්න ගුණ සුවඳක් නෑ
එවන් මලක් පිපුණ නමුත්
පරවන්නට වැඩි කල් යන්නෑ
නගේ නුඹත් මලක් වෙයන්
නුඹගෙන් අපි රොන් පතන්නෙ නෑ
ලොවට සුවඳ ගෙනත් දියන්
උඹේ නමට කැත කුණු එන්නෑ
නුඹගෙන් අපි රොන් පතන්නෙ නෑ
ලොවට සුවඳ ගෙනත් දියන්
උඹේ නමට කැත කුණු එන්නෑ
No comments:
Post a Comment