Sunday, September 1, 2013

අරුණැල්ලේ කුමරී...

අරුණැල්ලේ කුමරී...
පායා ඇවිදින් ජීවිත උයනට...
පුබුදනු මැන සෙනෙහස් පියුමන්...
ආදර විල් තලයේ...

උදයට ඇවිදින් එලිය කරනවා...
ඒ එලියෙන් සිත් මල් පිබිදෙනවා...
උණුසුම ලබනට පින් මද බව දැන...
පිපි මල් හවසට හැකිලෙනවා...

අරුණැල්ලේ කුමරී...
පායා ඇවිදින් ජීවිත උයනට...
පුබුදනු මැන සෙනෙහස් පියුමන්...
ආදර විල් තලයේ...

කවදා හෝ ඔබ නිළඹර අතරින්...
එබී බලා උණුසුම දෙන දිනකදි...
විකසිත වන්නට යළි පර නොවනට...
මල් තව නිහඩව බලා සිටිනවා...

31/07/13     




                                                                             
සිදු ලියන්න නම් බෑ,
හැබැයි, යන්තම් ගැට ගහගත්ත එකකුත් නෙවෙයි,
හිතට ආපු එකකුත් නෙවෙයි,
හිතේ තියෙන එකක් කිව්වොත් හරි...

2 comments:

  1. Replies
    1. බුදු අම්මෝ නැතෝ.... මම මේ කතා කරන්නෙ අහින්සක ගෑණු ළමේක් ගැන... මම ගමේ කොල්ලෙක්... :D :D

      Delete