මල් පෙති පා
ගැවසුනු තැන්වල - අද ඇත්තේ හිස් බව පමණයි..
බැලු බැලු අත
පාලුයි..
සියක් දෙනා
මැද මා තනිකර දමලා - ඔබ යන්නම යන්න ගිහින්..
මුව පියුමේ
රැඳි හසරැල්ලන්
තාමත් මතකේ
ශේෂයි..
ඔය මුවගින්
ගැයුණා වූ ගීයක්
සවනත යළි යළි
රැව්දෙයි..
පුංචි දෙපා මත
රඟ දුන් ඔබෙ රූ
මා මනසේ අදටත්
පණ දෙයි..
සෙවණැළි අතරේ
සරනා හංසිය
මේ මොහොතෙත්
මට මැවී පෙනෙයි..
No comments:
Post a Comment